අයහපත් කාලගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විසින් නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත් කර තිබේ.
පසුගිය පැය 48 තුළ දිවයිනේ කිසිදු ප්රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවිම නිසාත් ඉදිරි දින සඳහා කාලගුණය අනාවැකි මගින් ඉහළ වර්ෂාපතනයක් පිළිබද අනතුරු ඇඟවිම් නොමැති නිසාත් මෙම පියවර ගත් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.