මුලතිව් එරින්තකාඩු ප්‍රදේශයේ ගොවිතැන් සඳහා කුඹුරු වෙතට ගිය ගොවීන් 34 දෙනෙකු පමණ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් විපතට පත්ව සිටි අවස්ථාවේ ප්‍රදේශයේ ධීවරයින් විසින් බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානයන් කරා ඊයේ (24) සවස රැගෙන විත් ඇත.
එරින්තකාඩු හා සාලම්බෙයිආරු ප්‍රදේශයන්හි පිහිටි කුඹුරු වෙතට ගිය ගොවීන්ට ප්‍රදේශයේ වැව් කිහිපයක් වාන් දැමිමත් සමග එකවර කුඹුරු යටවි ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර එහිදි විපතට පත් ගොවින් පිළිබඳව අසල්වැසි ගම්මාන කිහිපයක ධීවරයින්ට දැනුම් දිමෙන් පසුව ධීවර බෝට්ටුවලින් කුඹුරු වෙතට ගොස් විපතට පත් ගොවින් පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙනවිත් ඇත.
පසුගිය දිනයන්හිද ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන් තිස්දහසකට අධික ප්‍රමාණයක් විපතට පත් වූ අතර නැවතත් වර්ෂාව ඇඳහැලීමෙන් සාමාන්‍ය වැසියන් විපතට පත්විමේ අවධානමක් පවතින බවටද මුලතිව් ආපදාකළමනාකරන කාර්යාලය වැඩිදුරටත් පවසයි.