මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසල ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
මේ අනුව නිත්තකේක්තුලම්, ඔඩ්ඩුසුඩාන්හි පිහිටි සාලම්බකුලම්, කරිප්පට්ට මුරිප්පුකුලම්, මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම්, පෙරියකුලම්, කනක්කනාර් කුලම් යන වැව්ද කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලයට තොරතුරු ලැබී ඇත.මේ වන විටත් යුද හමුදාවේ 64 වන සේනාංකයේ නිලධාරීන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරයි.
වැව් කැඩී යාම හේතුවෙන් මේ වන විට මුලතිව්හි පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු විපතට පත්ව සිටිති.
පුද්ගලයින් හය දෙනෙකු ජලගැලීම්වලට හසුව සිටියදී සොයාගෙන ඇති අතර, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහයෝගය මත අදාළ පිරිස අද (09) උදෑසන බේරා ගැනීමට කටයුතු කෙරිණි.
වවුනියාව මධුශංඛ අමරසිංහ