ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සතිපතා වසංගත රෝග යාවත්කාලීනයේදී, කොවිඩ්-19 හි නව ආසාදිතයන් මිලියන 3.1කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ වාර්තා වී ඇති අතර, එය පෙර සතියට වඩා 17%ක අඩුවීමකි. ඔක්තෝබර් අවසන් සතියේ සිට වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාවද මෙයයි.
වැඩිම නව කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එය 871,365කි. කෙසේ වෙතත්, මෙම අගයද පසුගිය සතියට වඩා 19%ක අඩුවීමකි.
ලොව පුරා වැඩිම නව රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව සහ එක්සත් රාජධානියද සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
සෑම කලාපයකින්ම, විශේෂයෙන් අප්‍රිකාවේ ආසාදිතයන්ගේ විශාලතම අඩුවීමක් දැකිය හැකි අතර, එය 22%කින් අඩුවීමකි. නැගෙනහිර මධ්‍යධරණි මුහුදු කලාපයේ අවමය හෙවත් 2%ක අඩුවීමක් දක්නට ලැබුණි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව වසංගතය ආරම්භයේ සිටම ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 106.8 ක් සහ මරණ මිලියන 2.33ක් වාර්තා වී තිබේ.
වසංගතය සඳහා එන්නත්කරණ වැඩසටහන ඇරඹීම මෙන්ම, ජනතාව පෙරට වඩා මුඛ ආවරණ පැලඳීම, දෑත් නිතර සේදීම හා සමාජ දුරස්ථ පියවර වෙත යොමුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේ වෙතත්, එන්නත්කරණය සිදුවුවද මෙම මහජන සෞඛය පුරුදු අඛණ්ඩව පිළිපැදීමට ජනතාව වගකිව යුතු ලෙස කටයුතු කරන්නේ නම් කොවිඩ්-19 ඉක්මනින්ම පරාජයට පත්කිරීමට හැකිවනු ඇත.