චීනය විසින් සෙනසුරාදා දිනය අවසානයේදී නව තහවුරු කරන ලද කොරෝනා වෛරස රෝගීන් 16ක් පමණක් වාර්තා කළ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.
කෙසේ වෙතත් ඊයේ (18දා) දිනය තුළ චීනයේ කිසිදු කොවිඩ්-19 මරණයක් වාර්තා වී නොමැති අතර, එදින ගෙවීගිය මාසයේදී එරටින් ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වූ දිනය ලෙසද සටහන් වෙයි.
චීනය මේ වනවිට සමස්ත ආසාදිතයන් 82,735ක් සහ කොරෝනා වෛරස් මරණ 4,632ක් වාර්තා කර තිබුණත්, දැනටමත් 77,062 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය කොමිසම පවසයි.
ඊයේ වාර්තා වූ ආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී පැමිණි අයයි. මේ අතර ආසාදිතයන් 6 දෙනෙකු චීනයේ ඊසානදිග රුසියානු දේශසීමාවේ හයිලොංජියැං පළාතට සම්බන්ධ පිරිසකි. මෙම දේශසීමා ප්‍රදේශය තුළ කොවිඩ් -19 ආසාදන මෑතකදී ඉහළ යෑමක් වාර්තා වූයේ රුසියාවේ කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම නිසාය.