මේ වර්ෂයේදී සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සමඟ පැවැත්වූ සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 25ක ලෝක බැංකු ආධාර ලබා ගැනීමට තමන් මැදිහත් වී කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක බැංකු සියල්ලද මේ යටතේ පරිගණක ගත කිරීම තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගොවිජන බැංකු පරිගණක ගත කිරීම සමඟ වාණිජ බැංකුව මට්ටමකට එය පරිවර්තනය කළ හැකි බවත්, ඉන් ගොවීන්ගේ ආර්ථික ගැටලු විසඳීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එලෙසම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක හෙළ බොජුන් හල් අසල වසවිසෙන් තොර එළවළු සහ පලතුරු පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට ඉදිරියේදී කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක ශිරානි වීරකෝන් මහත්මිය, ගොවිජන ප්‍රාදේශීය නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති එම්. කේ. බණ්ඩාර ලේකම් සරත් රත්නායක ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි විය.