ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 11,687ක් වාර්තා වී ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (26දා) උදෑසන වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 374,898ක් ලෙසිනි.
එමෙන්ම ගෙවීගිය පැය 24 තුළ රට තුළ නව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රසීල ජනාධිපතිවරයාගේ වගකිමෙන් තොර හැසිරීමත් සමග කොවිඩ්-19 වසංගතයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ රටවල ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල බ්‍රසීලය මේ වනවිට ඉහළට පැමිණ ඇති අතර, ඔවුන් දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි.