එක්සත් ජනපදයේ අවම වශයෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 28,420ක් සහ මරණ 2,231ක් ගෙවීගිය දිනය තුළ වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
ඒ අනුව මේ වනවිට රට තුළ වාර්තා වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව අවම වශයෙන් 1,257,023ක් දක්වා ළඟා වී ඇති අතර අවම වශයෙන් 75,670ක් මියගිය බවද එම දත්ත පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්තවලත්, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදිත අගයන් මෙන්ම, නැවත එරටට ගෙන්වා ගනු ලැබූ ආසාදිත අගයන්ද මීට ඇතුළත් බව සඳහන් වෙයි.