ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවකට ආරක්ෂාව සැපයීම සඳහා ගෙන ගිය ගිනිඅවි 36ක් හා පතොරම් තොගයක් මුහුදට වැටී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඊයේ සවස අදාළ ගිනිඅවි සහ පතොරම් තොගය LIBRA II නෞකාව වෙත රැගෙන ගොස් ඇති බවටයි.
කෙසේ වෙතත් ඉන් ගිනිඅවි 22 ක් සොයා ගෙන ඇති අතර මුහුදට වැටුණු අනෙකුත් ගිනිඅවි සංඛ්‍යාව සොයා ගැනීමට නොහැකි වි ඇත.
නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, එම ගිනිඅවි හා පතොරම් සාගර ආරක්ෂක කටයුතුවල නිරත විදේශීය නියෝජිතායතනයකට අයත් ඒවා බවයි.