ගලහ පුපරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරින් හා ගම්පොළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව ඊයේ රාත්‍රි (30) සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය අතර වෙඩි බෙහෙත් ග්‍රෑම් දෙදහස් අටසියයක් , ඇමෝනියා ග්‍රෑම් එක් දහස් හත්සියයක් ජෙලනයිට් නිල් පැහැති කරල් හතරක් හා සාමාන්‍ය සේවා නූල් මීටර් දා හතරක් තිබී ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් හෝ විසින් මෙම මාර්ගය අසල දමා යන්නට ඇතැයි පොලීසිය සැකකරන අතර ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝණාර මහතාගේ උපදෙස් මත ගලහ පොලීසියේ නිලධාරි කණ්ඩායමක් සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වනු ලැබේ.