ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා වරියන් 12 නෙකුට එරෙහිව විනය විරෝධි කටයුතු කිරිම සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් විසින් චෝදනා පත්‍ර ලබා දි ඇති බව ශ්‍රී.ල.නි.පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේ දි පක්ෂයේ තිරණවලට පටහැනිව විනය විරෝධි ලෙස කටයුතු කිරිම හා සංවිධායකවරුන් සමග සහයෝගයෙන් කටයුතු නොකිරිම සම්බන්ධව මේ අයට විරුද්ධව චෝදනා එල්ලවී ඇති බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
දින 07ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරණ ලෙස මෙම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට හා වරියන්ට පක්ෂයේ මහ ලේකම් විසින් දැනුම් දි ඇති බවද ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
ගාල්ල මහනගර සභාවේ මන්ත්රිවරියකට, නෙළුව ප්‍රදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට, ඉමදුව හා හබරාදුව යන ප්‍රදේශිය සභාවල මන්ත්‍රිවරුන් 04 දෙනෙකුට, නියාගම ප්‍රදේශිය සභාවේ මන්ත්රිවරයෙකුට, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු 02නෙකුට හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ මන්ත්රිවරයෙකුට හා රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුට මෙසේ චෝදනාපත්‍ර ලබාදි ඇත.