ගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.
මියගොස් ඇත්තේ ගිංතොට, මහහපුගල, පොල්දූව වත්තේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (01) නිවසේ දී මියගොස් සිටි අතර සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ ගෙනවිත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ බව නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා පවසයි. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා විසින් සිදුකිරීමට නියමිතව ඇත.
මෙම මරණය කොරෝනා ආසාදනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ සිව්වැනි මරණයයි.