ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ලබන අගහරුවාදා (12) සිට කොවිඩ් මර්දන කටයුතු ඇතුළු සියලු රාජකාරිවලින් ඉවත්ව අඛණ්ඩ වැඩවර්ජනයක් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් මංජුල ද සොයිසා මහතා පවසයි.
ගාල්ල මහනගර සභාවේ උපනගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ට්‍රම් සිල්වා මහතාට බැන තර්ජනය කිරිමේ සිද්ධිය සාකච්ඡා මගින් විසදාගැනිමට දිගින් දිගටම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල ශාඛාව මගින් උත්සාහ කළද එය ආසාර්ථක වු නිසා මෙම තිරණය ගත් බවද ඒ මහතා පවසයි. මෙකි ප්රශ්නය දැනට සති දෙකක කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින බවත් මේ නිසා අදාල වෛද්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා එල්ලවිම මගින් ඔවුන්ගේ වෘත්තිය අයිතින් උල්ලංඝනය වන බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.
මෙකි ප්‍රශ්නයත් සමග අපි විසින් කරණු ලැබු ඉල්ලිමට අනුව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ ආරක්ෂාව සහ වෘත්තිය ගරුත්වය සලකා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නගර සභාවෙන් පිටත වෙනත් ස්ථානයක ස්ථාපිත කළ බවද ඒ මහතා පෙන්වා දෙයි. එහෙත් මේ දක්වා අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රාජකාරිකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මානව භෞතික හා තාක්ෂණික සම්පත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද මේ දක්වා ලබාදි නොමැති බවද හෙතෙම පෙන්වා දෙයි.මෙම තත්වය නිසා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල කොව්ඩි මර්දන කටයුතු මෙන්ම ප්‍රජා සෞඛ්‍ය සේවා බිද වැටෙමින් පවතින බවද ඒ මහතා පවසයි.
මෙකි පහසුකම් ලබා ගැනිම පිළිබද සාකච්ඡා කිරිම සදහා ගාල්ල නාගරික කොමසාරිස්වරයා සමග අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා අප සංගමයේ නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව පවසන වෛද්‍ය මංජුල සොයිසා මහතා කාර්යාලයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් ලබාදිමට කොමසාරිස්වරයා එකග වුවද මේ දක්වා ඒ පහසුකම් ලබාදි නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.