මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුරට සම්බන්ධ ගාල්ලේ පදිංචි පළමු පෙළ ආශ්‍රිතයින් 84 දෙනාගෙන් 61 දෙනෙකු සදහා පි. සි.ආර්. පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව අද දින (10) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
අදාල දින සම්පුර්ණ කළ මෙකි පළමු පෙළ ආශ්‍රිතයින් 61 දෙනාගේ පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගැනිම ඊයේ (09) දින සිදුකළ බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ජෛව රසායනාගාරයේ පි.සි.ආර් පරික්ෂණ සිදුකළ බවද හෙතෙම පවසයි.
එම පරික්ෂණ වාර්තා අද දින ලැබුණු බවත් ඒ අනුව 61 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
දින සම්පුර්ණ වු පසු දැනට ඉතිරිව ඇති පළමුපෙළ ආශ්‍රිතයින්ගේ පි. සි.ආර්. පරික්ෂණ සිදුකරණ බවද ගාල්ල දිස්ත්රිත් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
අක්මිමන අම්බලන්ගොඩ, බෝපෝ පොද්දල, කරන්දෙණිය, ගාල්ල මහනගරසභාව, ඇල්පිටිය බලපිටිය හා ඉදුරුව යන ප්‍රදේශවල පදිංචි පළමුපෙළ ආශ්‍රිතයින්ගේ පි. සි. ආර්. පරික්ෂණ සිදුකරණු ලැබිය.
දෙවැනිපොළ ආශ්‍රිතයින් 255ක්ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 480 දෙනෙකු පමණ මේ වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.