ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය බාලක පාසලක හා බාලිකා පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම පාසල් දෙකේ ගුරුවරු 07 දෙනෙකු හා සිසු සිසුවියන් 29 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට පියවරගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති මෙම සිසුවිය හා සිසුවා එකම පවුලේ දරුවන් දෙදෙනෙකු බවද ඒ මහතා පවසයි.
බාලක පාසලේ ඉගෙනුම ලබන දරුවා එම පාසලේ පහශ්රේණියේ ඉගෙනුම ලබන අතර එම පාසලේ ගුරුවරු 03 දෙනෙකු පාසල් දරුවන් 14 දෙනෙකු නිරෝධායනයට ලක්කොට ඇත. බාලිකා පාසලේ සිසුවියන් 15 දෙනෙකු හා ගුරුවරු 04 දෙනෙකු නිරෝධායනයට පියවරගෙන ගෙන ඇත. මෙකි පළමුපෙළ ආශ්‍රිතයින් කොටසකගේ පි.සි.ආර් පරික්ෂණ හෙට (04) සිදුකරන අතර අනික් අයගේ පි.සි.ආර් පරික්ෂණ දින 07කට පසු සිදුකරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙකි දරු දෙදෙනාගේ පියා දකුණු පළාත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරන අතර ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් මෙම නිලධාරියා පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇත. ඒ අතර මෙකි නිලධාරියාට ඇතිවු කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් මොහු පුද්ගලික රෝහලක් වෙතගොස් ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට ලක්ව ඇති අතර එහිදි මෙකි නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මොහුගේ බිරිද බෝපේ පොද්දල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර ඇය ගෙන්වා කරණු ලැබු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේ දි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ඒ අනුව පාසල්වල ඉගෙනුම ලබමින් සිටි දරු දෙදෙනා ගෙන්වා සිදුකරණු ලැබු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයේ දි දරු දෙදෙනාටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි. මව පියා හා දරු දෙදෙනා ඇඹිලිපිටිය රෝහල වෙත පිටත්කරයැවිමට කටයුතු කර ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.