ගාල්ල පොලිසියේ පොලිස් නිලධාරින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10) දින ලැබි ඇති පි.සි.ආර් පරික්ෂණවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් යුවළකට මිට පෙර කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි. එම යුවළගේ පළමුපෙළ ආශ්‍රිතයින් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට පි.සි.ආර්. පරික්ෂණ සිදුකිරිමට කටයුතු කළ බැව් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා මහතා පවසයි.
එම පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (10) දින ලැබි ඇති බවත් එම වාර්තාවලට අනුව පොලිස් නිලධාරින් 10 දෙනෙකුට කොරෝනා වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු වි ඇති බවද ඒ මහතා පවසයි.
ගාල්ල පොලිසියේ දිසා අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයකු පොලිස් සැරයන් වරයින් 02 නෙකු හා පොලිස් කොස්තාපල්වරු 06 දෙනෙකුට හා රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියකුට කොරෝනා වෛරසය ආසාධනය වි ඇති බවට තහවුරුවි ඇත.
කොරෝනා ආසාදිත පොලිස් නිලධාරින් 10 දෙනා පොලිස් නිලධාරින් වෙනුවෙන් වෙන්කොට ඇති හබරාදුව කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරිමට කටයුතු කරන බවද පවසයි.