වැලිසර නාවික කදවුරේ රාජකාරි කොට නිවෙස්වලට පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි නාවික සෙබලුන් 08 දෙනෙකු හා එක් නාවික සෙබලකුගේ පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ඊයේ දින (25) දින ලක්කළ ද ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බව තහවුරුවි ඇති බව කරාපිටිය හික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සම්පත් රණවිර මහතා පවසයි.
මෙකී නාවික සෙබලුන් නිවාඩු ලබා පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වෙති. ඉකුත් 24 වැනිදින ද නිවාඩු ලබා පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ නාවික සෙබලුන් 08 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණයට ලක්කල අතර ඔවුන්ගෙන් කිසිදු අයෙකුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.