ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවලින් පුද්ගලයින් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
ගාල්ල නාගරික බල ප්‍රදේශයේ දැනට සිමා සහිත සංචරණ සිමා පනවා ඇති ග්‍රාම නිලධාරිවසම් 06 තුල පි.සි.ආර් පරික්ෂණ 1718ක් කරණු ලැබිය. ඉන් වැඩි ප්‍රමාණයක පි.සි.ආර් ප්‍රථිපල ලැබි ඇති අතර එම ප්‍රථිපලවලට අනුව කොරෝනා ආසාදිත රෝගින් 25 දෙනෙකු වාර්තා වි ඇති බවට තහවුරු වි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසයි. තවත් කොටසක පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල ලැබිමට නියමිතව ඇති බවද හෙතෙම පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 25 දෙනා අතර ගාල්ල තැපල් කාර්යාලයේ සේවකයින් 03 දෙනෙකු සිටින බවද හෙතෙම පවසයි. එම සේවකයින් තිදෙනා වැලිගම රත්ගම හා බෝපේ පොද්දල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල පදිංචිකරුවන් වෙති. ඉදිරියේ දි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරිම සදහා අද (11) පස්වරුවේ දි ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විමට තින්දුකොට ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව හා කොන්ගහ යන ග්‍රාම නිලධාරිවසම්වල සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.
ජිනේෂ් නානායක්කාර