පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
මින් පාසල් දරුවන් අතිබහුතරයට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මොවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන් 197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලුදේනා නිරෝධායනය කිරිමට කටයුතු කරඇති බවද ඒ මහතා පවසයි.
පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුල කොරෝනා වෛරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන් 33 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුලදි බවද හෙතෙම පවසයි. එම සති දෙක තුල එක් ගුරුවරයකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ කාලය තුල දි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි පාසල් දරු දැරියන් 07 දෙනෙකුට, අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි දරු දැරියන් 02නෙකුට, බද්දේගම ප්‍රදේශයේ එක් සිසුවියකට, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 07 දෙනෙකුට හා ගුරුවරුන් 02නෙකුට, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචි පාසල්දරු දැරියන් 22 නෙකු හා එක් ගුරුවරයෙකුට, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවන් 02නෙකුට, හබරාදුව ප්‍රදේශයේ පදිංචි දරුවන් 08 දෙනෙකුට, හික්කඩුව ප්‍රදේශයේ දරුවන් 02නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
එමෙන්ම ඉමදුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට, ඉදුරුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට,කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් දරු දැරියන් 04 දෙනෙකුට, ගාල්ල නගර සභා බලප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් 08 දෙනෙකුට
නෙළුව ප්‍රදේශයේ 17 දෙනෙකුට, රත්ගම 05නෙකුට, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි පාසල් දරු දැරියන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 17කි. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මාණය විමට ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.