ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වු දින සිට මේ දක්වා කාලය තුල පාසල් දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
පාසල් 69ක දරු දැරියන් 141 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් සදහන් කළ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා මෙකි පාසල් දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදි කොරෝනා වෛරසය ආසාදානය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
පසුගිය දින 14 කාලය තුල පාසල් 15ක පාසල් දරු දැරියන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.