ගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාව බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මේ අතර හපුගල ඉංජිනේරු පිඨයේ සිසුවියන් 02නෙකුද කොරෝනා වෛරස ආසාදනය වි ඇති බවට අද දින තහවුරු වු බවත් ඒ සමග මෙම සිසුවියන් දෙදෙනාගේ පළමුපෙළ ආශ්රිත සිසු සිසුවියන් 24 දෙනෙකු නිරෝධායනය කිරිමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.
දක්ෂිණ නාවික කදවුරේ නිරෝධයනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකු, කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරණ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාශයේ පදිංචි පොලිස් නිලධාරියකු, මිටපෙර කොරෝනා වෛරසය ආසාදනය වු කොග්ගල ප්‍රදේශයේ පදිංචි හෙදි නිලධාරියකුගේ පවුලේ ඥාතින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
මිට අමතරව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා රෝගින් 06 දෙනෙකු ඉදුරුව ප්‍රදේශයෙන් කොරානා රෝගින් 02නෙකු හා බම්බලපිටිය ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් නිලධාරියකුටද කොරෝනා ආසාදනය වි ඇති බව හෙතෙම පවසයි. මෙම රෝගින් හම්බන්තොට හා කඹුරුගමුව රෝහල් වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.