ගාල්ල දිස්ත්‍රික්කයේ ධිවර කාර්මිකයින් හා ධිවර ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් 2105 දෙනෙකු මේ දක්වා කාලය තුලදි පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
එම පි.සි.ආර් පරික්ෂණවල ප්‍රතිපල අනුව ධිවර කාර්මිකයින් 10 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවු අතර ඔවුන් ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
තවත් පි.සි.ආර්. පරික්ෂණ 402ක ප්‍රතිපල ලැබිමට නියමිතව ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 05 දෙනෙකු ගාල්ල ධිවර වරායෙන් එක් අයෙකු රත්ගම වැල්ලෙන් තවත් අසාදිතයින් 04 දෙනෙකු රත්ගම ප්‍රදේශයෙන් වාර්තා වු බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සදහන් කළේය.
ගාල්ල ධිවර වරාය, රත්ගමවැල්ල, ජාකොටුව වැල්ල, හික්කඩුව අම්බලන්ගොඩ රත්ගම යන ප්‍රදේශවල ධිවර ප්‍රජාව සදහා පි.සි.ආර් පරික්ෂණ සිදුකළ බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රක්කය තුල කොරෝනා වසංගතය පැතිරියාම පාලනය කොට ඇති අතර සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මාළු පාරිභෝජනය කිරිමෙන් ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.