ඉදුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් අද (19) දින කොරෝනා ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඊයේ (18) දින තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරිවසම්වල පි.සි.ආර් පරික්ෂණ 328ක් සිදුකොට ඇති අතර ඉන් 41 දෙනෙකුට පි.සි ආර් පරික්ෂණ ප්‍රථිපල අනුව කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
තුන්දුව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පවුල් 266කින් පවුල් 59ක පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි. තුන්දුව බටහිර ප්‍රදේශයේ පවුල් 285කින් ආසාදිත පවුල් සංඛ්‍යාව 04ක් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. දෙසැම්බර් මස 10 වැනි දින සිට 19වැනිදින දක්වා කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 55ක් බව පවසන ඒ මහතා ඉන් පිරිමි 29ක් කාන්තාවන් 26 දෙනෙකුද බවද සදහන් කළේය.
ආසාදිතයින් අතර අවුරුදු 12ට අඩු දරුවන් 07 දෙනෙකු වයස අවුරුදු 50ට වැඩි වැඩිහිටියන් 15 දෙනෙකු සිටින බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
තුන්දුව ප්‍රදේශයේ කොරෝනා වසංගත තත්වය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසා සංචරණය සිමා කොට නිවෙස්වලට වි සිටින ලෙස එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලිමක් කරණ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.