ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (11) තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්.එන්. නදීප් සුදුසිංහ කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම හැකි ඉක්මණින් රෝහල් වෙත යැවීමට කටයුතු කළ බවයි. ඔවුන් අතර පිරිමි ළමයි දෙදෙනකු ඇතුළු පිරිමි 05 දෙනෙක් හා කාන්තාවෝ 05 දෙනෙක් සිටිති. කාන්තාවන් කඹුරුගමුව රෝහලටත්, පිරිමි පුද්ගලයන් හම්බන්තොට රෝහලටත් යැවීමට කටයුතු කළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍යවරයා කීවේය.
මොවුන් සියලුදෙනාම මීට පෙර ආසාදිත බවට හඳුනාගත් ධීවරයන්ගේ ආශ්‍රිතයන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.