කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශමත ගාල්ල මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව හෙට (18) සිට දින තුනක කාලයකට වසා දැමිමට තින්දුකොට ඇති බැව් ගාල්ල නිතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර ගාල්ලගේ මහතා පවසයි.
මහාධිකරණ විනිසුරුතුමා, දිසා අධිකරණ විනිසුරුතුමා හා මහේස්ත්‍රාත් තුමා සහ ගාල්ල නිතිඥ සංගමයේ නිතිඥයින් සමග අද (17) දහවල් පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත මෙම තින්දුව ගත් බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පැවසිය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිටි රැදවියකු ඇප ලබා පසුගිය 11 වැනිදින සිය නිවසට ගොස් ඇත. ඔහු යක්කලමුල්ල බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 12 වැනිදින මොහු ගාල්ල අධිකරණයට පැමිණ නිතිඥයින් කිහිපදෙනෙකු හමුවි ඇති බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. පෙරේදා (14) දින මොහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
පවතින තත්වය යටතේ සෞඛ්‍ය නිර්දේශ මත මෙකි අවදානම් තත්වය සැලකිල්ලට ගෙන මෙකි අධිකරණ හෙට සිට වසා දැමිමට තින්දුකරණු ලැබු බවද ඒ මහතා පවසයි.නඩුකටයුතුවල ඉදිරි දින දැන්විම් පුවරුවල ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරණ බවද නිතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. කෙසේවුවද ලබන සදුදා සිට අධිකරණවල කටයුතු සාමන්‍ය පරිදි සිදුකරණ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර / චන්දන සමරවික්‍රම