ගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
බලපිටිය, කටුවිල ගම්මානයේ අවමංගල උත්සවයට සහභාගි වු සහ ඒ ආශ්‍රිතයින් 28 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ. ඒ අතර ආයුර්වේද වෛද්‍යවරයෙකු ද වන බව වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා කියයි.
ගාල්ල නගර සභා ප්‍රදේශයෙන් 04 දෙනකුද රත්ගම ප්‍රදේශයෙන් 04 දෙනකුද ඉඳුරුව ප්‍රදේශයෙන් දෙදෙනකුද කරන්දෙණිය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයෙක් ද වාර්තා වන බවද වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරයි.
මේ අතර ඇඳිරි නීතිය නොතිබුණද පවතින තත්ත්වය හමුවේ අද (25) ගාල්ල නගරය පාලුවට ගොස් තිබුණි. ජනතාව ස්වයං වාරණයක් පනවාගෙන නගරය සහ අවට ප්‍රදේශවලට පැමිණීමෙන් වැළකී සිටියේය.