මත්කුඩු ජාවාරම මැඩලිම සදහා ගාල්ල ධිවර වරායට පැමිණෙන ධිවර බොට්ටු පරික්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකොට ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
වෙරළ ආරක්ෂක බලකාය, නාවික හමුදාව ගාල්ල වරාය පොලිසිය එකාබද්ධව මෙකි වැඩපිළිවෙළ ආරම්භකොට ඇති අතර මේ වනවිට ගාල්ල ධිවර වරාය තුල පොලිස් මුරපොළක් ස්ථාපිත කිරිමට කටයුතු කර ඇති බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.
ඇත දියඹට ගොස් මසුන් අල්ලාගෙන නැවත පැමිණෙන ධිවර බෝට්ටු පරික්ෂා කිරිම සිදුකරණ අතර නිති විරෝධි මත්කුඩු ජාවාරම මැඩලිම මෙහි අරමුණ බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.