ලෝක සෞඛ්‍ය සංවිධානය බ්‍රහස්පතින්දා වාර්තා කළේ ගෝලීය කොවිඩ්-19 වෛරස ආසාදිතයන් එක් දිනක් තුළ යළිත් වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි.
ඒ අනුව නව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.
මේ අතර ගෝලීය වශයෙන් වඩාත්ම පීඩාවට පත් රටවල් තුන එම දිනයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇත. එහිදී ඉන්දියාවෙන් නව ආසාදිතයන් 78,524ක් වාර්තා කර ඇති අතර, බ්‍රසීලය 41,906ක් සහ එක්සත් ජනපදය නව ආසාදිතයන් 38,904ක් ලෙසිනි.
බටහිර රටවල් ගණනාවක්, විශේෂයෙන් යුරෝපයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙයි.
එම කාලය තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,514ක් වන අතර, මෙතෙක් වැඩිම දෛනික මරණ වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 17 වැනිදාය. එම අගය මරණ 12,393ක් ලෙස දැක්වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 36.4කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ මිලියන 1.06කට වඩා වාර්තා වී තිබේ.