ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ වාර්තාගත වැඩිවීමක් ඊයේ (31දා) වාර්තා කළ අතර, එම ආසාදිතයන් සංඛ්‍යාව 292,527කින් ඉහළ ගොස් තිබේ.
විශාලතම වැඩිවීම් සිදුකර ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි. එමෙන්ම එදින මරණ 6,812කින් ඉහළ ගොස් ඇති අතර, පෙර රටවල් හතරම මරණ සංඛ්‍යාවේද පෙරමුණ ගෙන තිබේ.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ආසාදිතයන් සඳහා වූ වාර්තාව ජූලි 24 වැනි දින ආසාදිතයන් 284,196ක් ලෙස සටහන් විය. ජූලි 24 වැනිදා මරණ සංඛ්‍යාව 9,753කින් ඉහළ ගියේය.
කෙසේ වෙතත් ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන්ව ඇති අතර, එය ජුනි මාසයේ දෛනික සාමාන්‍ය අගය වූ මරණ 4,600 ඉක්මවා ගිය සංඛ්‍යාවකි.