කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය ගත් ගෝලීය සන්ධානයකට එක්වන බව බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව නිවේදනය කර තිබේ.
අනාගත එන්නත් සංචිත මිලදී ගැනීම සහ බෙදාහැරීම සඳහා වන COVID-19 එන්නත් ගෝලීය ප්‍රවේශ පහසුකම (COVAX) හරහා කොරොන වෛරස එන්නත් මාත්‍රාව මිලියන 12ක් සඳහා රටට ප්‍රවේශය ලබාදෙන ගිවිසුමක් අත්සන් කළ බව පේරු රාජ්යද පවසයි.
අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම සඳහා ආර්ජන්ටිනාව වැඩි කාලයක් ඉල්ලා සිටියද, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙහෙයවනු ලබන එන්නත් යාන්ත්‍රණය සඳහා වූ සිය එක්වීම සනිටුහන් කිරීමට එලැඹෙන බදාදා අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.
COVAX ලේකම් කාර්යාලය ලෙස ක්‍රියාත්මක වන Gavi සමග සාකච්ඡා කිරීමෙන් පසු COVAX සඳහා අත්සන් කරන බව බ්‍රසීල රජය සිකුරාදා රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රාජ්‍යයන් කිහිපයක් තවමත් මෙම සන්ධානයට එක්ව නොමැති අතර, ඔවුන් එය ප්‍රතික්ෂේප කර තනිව ගමනක් යයි.