මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසළදී මහනුවර දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.
අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්රි රෝද රථයේ පසුපස ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවකි. ත්රිරෝද රථය පැදවූ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්රිරෝද රියදුරු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්රතිකාර ලබයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.