ගලගෙදර පොලිස් බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමඟ ගලගෙදර ප්‍රදේශයේ ගම්මාන දෙකක් සඳහා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.
ගලගෙදර පොහොලියද්ද හන්දියේ සිට හේනේපොල සහ දෙහිදෙණිය යන ප්‍රදේශවලට මෙසේ සංචරණ සිමා පනවනු ලැබ තිබේ. මෙම ගම්මාන මායිම් දෙකෙහි පොලිස් මාර්ග බාධක යොදවා පරික්ෂා කටයුතු සිදු කරනු ලබයි.
මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් මොහු ආශ්‍රය කළ තවත් පිරිස් වෙත්නම් සෞඛ්‍ය අංශයේ නිලධාරින් හෝ පොලිස් නිලධාරින් දැනුවත් කරන ලෙසත් ගලගෙදර පොලිසිය සහ ප්‍රාදේශිය සභාව ප්‍රදේශයේ ජනතාව වෙත ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් දැනුම්වත් කරමින් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සංචරණ සීමා පනවා ඇති මෙම ප්‍රදේශයට පිටතින් කිසිවෙකුටත් ඇතුළු වීමටත් ඇතුලත අයට පිට වීමටත් අවස්ථාව නොමැති බවත් ප්‍රකාශ කරන පොලිසිය මෙම ප්‍රදේශයට පිටතින් කිසිවෙකුත් නොපැමිණෙන ලෙසත් ඉල්ලා සිටියි.