ගලගෙදර පොලිස් වසමේ දෙහිඅංග ප්රදේශයෙන්හමුවූ කොවිඩ් 19 ආසාදිතයා ඉකුත්දා ශිෂ්‍යත්ව විභාගය පැවති දිනයේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක් අසල ගැවසී ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ එම බාලිකා විදුහල සම්පූර්ණයෙන් විසබීජහරණය කිරීමට අද(14) ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ ය .
කෙසේ නමුත් අදාළ පාසලේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ දැයි මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ගෙන් කල විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එවැනි තීරණයක් ගැනීමට මෙතෙක් අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවයි .
ෂේන් සෙනෙවිරත්න