ගල්කිස්ස ප්‍රදේශයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අත්අඩංගුවට ගැනීම ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් එහිදී විදේශ මුදල් ලංකාවේ මුදල්වලට හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
“ගල්කිස්සේදී ඊයේ සවස අවි ආයුධ සමග ත්‍රස්තවාදී කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන අයුරු දක්නට ලැබෙනවා. නමුත් සඳහන් කළ යුතුයි එහිදී අත්අඩංගුවට ගැනීමක් සිදුවුණා.
ඒ අත්අඩංගුවට ගැනීමේදී සිදුව තිබුණේ විදේශයක මුදල් ලංකාවේ මුදල් සමග හුවමාරු කර ගැනීම නීතිවිරෝධී ලෙස කර ගෙන යෑමේ ජාවාරමක් පිළිබඳව යුද හමුදාවට ලැබී තිබුණ තොරතුරක් යුද හමුදාවේ දැනුම් දීමත් සමග යුද හමුදාව සමග කොළඹ දකුණ පොලිස් කෝට්ඨාසයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පරීක්ෂා කිරිමට ගොස් තිබුණා.
ගල්කිස්ස ගාලු පාර ප්‍රදේශයේදී උපාය දූතයෙකු යොදවලා අපි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම කිරුළපණ දී, කලුතර මීගහ තැන්නේදී, කොහුවල ප්‍ර දේශයෙකදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. මෙය ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ දෙයක් නෙමෙයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 14 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.”