කොවිඩ් - 19 ආසාධිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සමීපව ඇසුරු කළ මෝදර, රාජගිරිය හා කොලොන්නාව යන ප්‍රදේශයන් වෙතින් පුද්ගලයින් 72 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නීරෝධායනය සඳහා රැගෙන යන ලදී.
එම ආසාදිත යැයි වාර්ථා වූ පුද්ගලයන් තවදුරටත් සිදුකරන ලද PCR පරික්ෂණවලදී කොවිඩ් - 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීමත් සමඟ නීරෝධායනය සඳහා රැගෙන ගිය පුද්ගලයින් 72 දෙදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත නැවත පිටත් කර යැවූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.