කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (04) විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකරන බවය.
වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරතවී සිටියහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා බවයි.