එලඹෙන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 'ගුරු විද්යාල අවසාන විභාගය 2020 සහ 2021' දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ විභාගය පවත්වනු ලබන දින ඉදිරියේදී දැනුම්දෙනු ලබන බවය.