අවුරුදු 24 ක් තිබුණු ගුරු වැටුප් විෂමතාව පිළිබද ගැටලුවේදී සාධාරණව ක්‍රියා කිරීමට රජය සූදානම් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි.
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසදීමේ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනු කමිටුව අදත් රැස් වුණා. ඒ කමිටුව රැස් වුණේ හතරවෙනි වරටයි.
ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කෙරුණි.