වසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ලබන සඳුදා (26දා) කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
එහිදී ගනු ලබන තීරණය අනුව ඉදිරි කටයුතු කරගෙන යෑමට හැකි බවත් වැටුප් විෂමතා ඉවත් කිරීම වැනි ගැටලූවලට අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට තනිව ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
අධ්‍යාපන වෘත්තීය සමිති නායකයෙකු ඇතුළු කිහිපදෙනෙක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පිරිස් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ සිට වෙනත් ඉල්ලීම් දක්වා වර්ධනය වී ඇති බවත් එයින් දැඩි අසාධාරණයක් සිදු වී තිබෙන්නේ පාසල් දරුවන්ට බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.