8.17 PM ගුරු උද්ඝෝෂණයට ගිය 44ක් අත්අඩංගුවට
ගුරු විදුහල්පති විරෝධතාවට එක්වූ පුද්ගලයන් 44ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ගරුවරුන් 22ක්, ගුරුවරියන් 16ක් හා තවත් පුද්ගලයන 6ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිසගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරමින් පවතින අතර ඔවුන් හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
4.33 PM ගුරු උද්ඝෝෂණයට ගිය 38ක් අත්අඩංගුවට
ගුරුවරුන්ගෙ උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධ වූ පුද්ගලයන් 38ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කාන්තාවන් 13ක් හා පිරිමින් 25ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම්කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිරවන ලෙස උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වා තිබේ.
ඔවුන්ට මාර්ගයෙන් ඉවත්වන ලෙසට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා අවවාද කළත් කලහකාරී ලෙස හැසිරුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
වාහන 10ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අයුතු අවහිරය, නීතිවිරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත උල්ලංඝණය කිරීම හා නිරෝධායන නීති අනුව කටයුතු කිරීමට නියමිතව තිබේ.