ශාන් හුලංනුගේ
තලවකැලේ, ග්රේස්වෙස්ටන් කඳුවැටියේ පැතිරී ගිය ගින්න ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පාලනය කිරීමට අද (12) හවස පියවර ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
කඳුවැටියේ ස්කල්පා කොටස ප්රදේශයේ මෙම ගින්න හට ගෙන තිබු බවත්, කඳුවැටියේ අක්කර 20 කට අධික භූමි ප්රදේශයක් අද (12) සවස වනවිට විනාශව ගොස් ඇති බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණි බෙල් වර්ගයේ හෙලිකොප්ටරයකින් ඉහළ කොත්මලා ජලාශයෙන් ජලය ලබා ගෙන කඳුවැටියේ හට ගෙන තිබු ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරතවිය.
ග්රේස්වෙස්ටන් කඳුවැටියේ පවතින ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අමතරව තලවකැලේ පොලීසිය, යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා වන සංරක්ෂණ නිලධාරීන් විසින් ඒකාබද්ධව පියවර ගන්නා ලදි.