වසර දහයකට වැඩි සේවා කාලයක් ඇති ජාතික පාසල්වල ගුරුවරුන් 7199කට ස්ථාන මාරු ලබා දුන්නද මෙයින් 400 කට අධික ප්රමාණයක් තවමත් ස්ථාන මාරු ලබාගෙන නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ නිසා ගුරු සේවය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් මේ නිසා මේ පිළිබඳ ජාතික විගණන කොමිසමට පැමිණිලි කරන බවද එම සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
දේශපාලනඥයන්ගේ සහයෝගය මත මෙම පිරිස පාසල්වල රැඳී සිටින බවත් එම පිරිසෙන් විශාල පිරිසක් එකම පාසලේ වසර 15කට වඩා සේවය කළ පිරිස්ද සිටින බවද කියා සිටියේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ස්ථාන මාරුවීම් ලබා දුන් බවද ලේකම්වරයා කියා සිටියේය.
එච්.අයි. තුෂාර