ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44දෙනාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සෘණාත්මක වී තිබේ.
ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් හා තවත් පුද්ගලයන් 6ක් මෙසේ ඊයේ අත්අඩංගුවට ගැනිණ.
ඉන් අනතුරුව ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කෙරණි.
අත්අඩංගුවට පත් පිරිසගෙන් ප්රකාශ සටහන් කරගෙන අවසන් අතර ඔවුන් අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අයුුතු අවහිරය, නීති විරෝධී ජන රාශියක සාමාජිකයෙක් වීම, නිරෝධායන නීතියට පටහැනිව කටයුතු කිරීම, ජාතික මංමාවත් පනත යටතේ ප්රධාන මාර්ගයක් අවහිර කිරීම යන චෝදනා ඔවුන්ට ඉදිරිපත් කර තිබේ.