කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා රටපුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නිතිය හේතුවෙන් තම ජීවනෝපායන් අහිමි වූ ජනතාව වෙනුවෙන් රජය ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්වන බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක සහන දීමනාව ගෙවීමේදී ග්‍රාම නිළධාරින් කිහිප දෙනෙකුම ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ තර්ජනවලට ලක්ව ඇති බැවින් ඔවුන්ට වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා තම සංගමය මගින් අගමැති ලේකම්තුමන් වෙත ලිපියක් යොමු කළ බවයි.
මෙම රුපියල් 5000 දීමනාව ගෙවීමේදීි , ග්‍රාම නිළධාරින්ගේ ජීවිත ආරක්ෂාව, ඔවුන් සතුව පවතින මුදල්වල අආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව සඳහාද සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද තම සංගමය රජයෙන් ඉල්ලා සිටින බවද කොඩිකාර මහතා කිය.
මොහොමඩ් ආෂික්