කුලියාපිටිය පොලිස් බල ප්රදේශයේ ග්රාම සේවා නිලධාරී වසම් 63ක හුදෙකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එම පොලිස් බල ප්රදේශයේ ග්රාම සේවා වසම් 82ක් හුදෙකලා කර තිබුණි.
කුලියාපිටිය නගරය, අස්සැද්දුම,මීගහකොටුව, දික්හැර, දීගල්ල, කබලෑව, කිරින්දව, අනුක්කනේ, වෙරලුගම, තබ්බෝමුල්ල, දණ්ඩගමුව නැගෙනහිර,මඩකුඹුරුමුල්ල, ඉහළ වීරඹුව, පහළ වීරඹුව, කෝන්ගහගෙදර, තුන්මෝදර, කැටවලගෙදර යන ග්රාම නිලධාරී වසම් හැර ඉතිරි ග්රාම නිලාධාරී වසම් 63 හුදෙකලා බව ඉවත් කර තිබේ.
මීට අමතරව අම්පාර දිස්ත්රික්කයේ කුමාරි ගම ග්රාම නිලධාරී වසමේ හුදෙකලා බවද ඉවත් කර තිබේ.