කෝවිඩ් මර්දනයේදි දැඩි වෙහෙසක් දරන රු.5000 දිමනාව ලබා දෙන ග්‍රාම නිලධාරින් , ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු තවත් පිරිස් වෙත අමතර දිමනාවක් ලබා දිමට අද කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (06) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ග්‍රාම නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ට හා පවුල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා මාසික අතිරේක දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි සතිවලදී මේ සඳහා අවශ්‍ය පිටවර ගනු ඇති බවත්, ඉන්ධන හා දුරකථන වෙනත් අතිරේක සඳහා පිරිවැය වෙනුවෙන් ගෙවීම සිදු කරනු ලබයි.
වසමක් සඳහා ඉන්ධන දීමනාව මසකට රුපියල් 450 ක් ද, අමතර වසමක රාජකාරී සිදු කරන්නේ නම්, වසම් දෙකම සඳහා රුපියල් 600 ක් ද සන්නිවේදන වියදම් දීමනාව එක් වසමක් සඳහා රුපියල් 1000 ක් හා වසම තුළ ගමන් වියදම් දීමනාව එක් වසමකට රුපියල් 1200 ක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිම ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.