ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන “ගම සමග පිළිසඳර” 13 වන වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ “ගිරිබාව” ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේරගල ග්‍රාමනිලධාරී වසම තෝරාගෙන තිබේ. එය හෙට (06) උදේ 10.00 ට මාඳුරාගම ක්‍රිඩාපිටියේ දී ඇරඹේ. දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහු ජනාධිපතිතුමා සමග එක් වෙති.
ජනාධිපති රාජපක්ෂ “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටළු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවය.