ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් මාකෙවිට, සියඹලාපිටිය විදුහල අසලදී සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අද (15දා) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
වෙඩි තැබීමෙන් තුවාල ලබා මෙලෙස රෝහල්ගත කොට ඇත්තේ නැදගමුවේ පදිංචි දිමුතු සුභාෂ් නමැති 41 හැවිරිදි අයෙකි.
මොහුගේ පපුව ප්‍රදේශයට වෙඩි දෙකක් සහ කකුලට වෙඩි දෙකක් වැදී ඇති බවත් ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
මොහු දහවල් 1.00ට පමණ තම දරුවා රැගෙන යාම පිනිස යතුරු පැදියකින් බිරිද සමග විදුහල අසලට පැමිණ ඇති අතර බිරිද විදුහල අසලට ගොස් ඇති අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට පළා ගොස් ඇත.
වෙඩි වැදුනු තැනැත්තා මිනුවන්ගොඩ ප්‍රදේශයෙහි පස් ව්‍යාපාරයේ නිරත අයෙකු බවද දැනගන්නට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ අරඹා තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක
