ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීමට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව අපේ‍්‍රල් 30 වැනිදා කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද (22) නියම කළේය.
ඔස්ටේ්රලියානු ජාතිකයෙකු වන බ‍්‍රැඞ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02 වැනිදා පොලිස් විශේෂ විමර්ශණ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශණ අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයිද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සදහා සාක්කිකරුවන් විසි එක්දෙනෙකු සහ ලේඛණ 13ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.
මෙම නඩුව කැදවනු ලැබු අවසථාවේදී මෙහි විත්තිකරුවන් ලෙස නම් කොට සිටින උදය ගම්මන්පිල සහ සිඞ්නි ජයසිංහ මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා වැඩිදුර විභාගය සදහා මෙම නඩුව ලබන අපේ්්රල් මස 30 වැනිදා යළි කැදවීමට නියම කළේය.