එළඹෙන 15 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ වන විට බස්රථ 3000ක් අමතරව එක්කර ඇතැයිද පැවසු අමුණුගම මහතා කොළඹින් ගම්බිම් බලා ගිටව යන බස්රථ නැවැත අප්‍රේල් 15 වනදා සිට කොළඹට ළඟා විමට නියමිත බවත් පැවසීය.
අප්‍රේල් 14වන දින බස්රථ හිඟයක් ඇතිවිය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක්ද අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.